දර්ශනය

twr360

නිතිපතා යේසුස්වහන්සේ සමඟ ගමන් කිරීම වඩා හොඳින් සිදු කිරීමට, ඇදහිලිවතුන්ට භාවිත කළ හැකි බාගත කිරීම්, අන්තර්ජාලය ඔස්සේ නැරඹිය/ සවන් දිය හැකි හා කියවිය හැකි සම්පත් ලබා ගැනීමට ඇති භාෂාමය හා ප්‍රවේශ වීමේ දී ඇති වන බාධක TWR360 බිඳ දමයි.

ධර්ම දූතනය

ක්‍රිස්තුස් වහන්සේගේ මහා ආඥාව ඉටු කිරීම සඳහා සභාවට අයත් කාර්යභාරයට සහයෝගය සපයනු පිණිස, TWR360 විසින් තම අඛණ්ඩ මාධ්‍ය සේවය පුළුල් කරන අතරතුර, TWR360, වෙබ් හා ජංගම දූරකථන යෙදවුම් කෙරෙහි සිය අවධානය කේන්ද්‍රගත කරන්නේ ය.

  • ඕනෑ ම කෙනෙකුට, ඕනෑ ම තැනක දී, ඕනෑ ම වේලාවක දී, පුළුල් පරාසයකට අයත් ක්‍රිස්තියානි ඩිජිටල් සම්පත්, පරිගණකය හෝ ස්මාර්ට් ජංගම දූරකථනය හරහා තමන්ගේ ම භාෂාවෙන් පහසුවෙන් කාර්යක්ෂම ලෙස ලබා ගැනීමට ඉඩකඩ සලසා දීම.
  • අනිකුත් ලොකු කුඩා සේවා සමග ම පෙළට සිටිමින් තමන් සතු දැනුම, තොරතුරු හා කරුණු පතළ කිරීම සඳහා ඒකාබද්ධ බහුකාර්ය බෙදාහැරීමේ මාර්ගයක් ක්‍රිස්තියානි සන්නිවේදකයන් හට සපයා දීම.
  • TWR360 සතු අතිවිශාල හා දිගට ම වර්ධනය වන වැඩසටහන් නාමාවලිය, ස්ථානය හා කාලය පිළිබඳ සීමාමායිම්වලින් නිදහස් ව, ගුවන් විදුලි විකාශන සමග සම්බන්ධීකරණය ඇති ව ලබා ගැනීමට ඉඩ සැලසිය හැකි මධ්‍යම ස්ථානයක් ලෙස සේවය කිරීම.

TWR පිළිබඳ

Speaking fluently in 200+ languages and dialects, TWR exists to reach the world for Jesus Christ. Our global media outreach engages millions in more than 160 countries with biblical truth. For more than 70 years, God has enabled TWR to help lead people from doubt to decision to discipleship.

අන්තර්ජාතික හවුල්කරුවන්, දේශීය සභා සහ අනෙකුත් සේවා සමඟ එක් ව ලෝකය වටා තනි තනි පුද්ගලයන් හට මෙන් ම ජනප්‍රජාවන් වෙත ද බලාපොරොත්තුව පතුරුවනු පිණිස TWR විසින් අදාළ වැඩසටහන්, අනුගාමිකත්ව සම්පත් සහ කැප වූ සේවක සේවිකාවන් සපයනු ලබන්නේ ය. අධිවේගී AM / MW, කෙටි තරංග හෝ FM රේඩියෝ භාවිත කළ ද අන්තර්ජාලය භාවිත කරන්නන් වෙත අන්තර්ගතය ප්‍රවාහය කිරීම කළ ද සවන්දෙන්නන් මුහුණට මුහුණ හමුවීම කළ ද ඒ සියල්ලෙන් ම TWR කල්පවතින අාධ්‍යාත්මික පා සටහනක් තබා යන්නේ ය.